ඔන්ලයින් ව්‍යාපාර සහ කුරියර් සර්විස් ලියාපදිංචිය ගැන විශේෂ දැනුම්දීමක්
අන්තර්ජාලය හරහා භාණ්ඩ බෙදාහැරීමේ ආයතන හා පුද්ගලයින් (ඔන්ලයින් ව්‍යාපාර) සහ කුරියර් සේවා (Courier Services) ලියාපදිංචි කිරීම ආරම්භ කර ඇති බව වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විශේෂයෙන්ම මෙම උත්සව සමයේ ඔන්ලයින් ව්‍යාපාර වැඩිවීම හේතුවෙන් මෙම ක්‍රියාවලිය නියාමනය කිරීමට මෙම තීරණය ගෙන ඇති බවයි. විධාන අංක 91 යටතේ 2023 මැයි 17 වන දින නිකුත් කර ඇති ගැසට් පත්‍රයට අනුව මෙම ලියාපදිංචි කිරීම සිදුකරන බව ද ඔහු පැහැදිලි කළේය.
කිසියම් ආයතනයක් හෝ පුද්ගලයෙක් ගුණත්වයෙන් තොර භාණ්ඩ පාරිභෝගිකයන්ට අලෙවි කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ජනතාවට ලෙඩ රෝග ඇති කරන පිළිකාකාරක ද්‍රව්‍ය අලෙවි කිරීමට මැදිහත් නොවන ලෙස භාණ්ඩ බෙදාහරින ආයතන හා පුද්ගලයින්ගෙන් ද ඔහු ඉල්ලා සිටියේය.
2026 වසරේ පාරිභෝගිකයාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග කඩිනමින් හා විධිමත්ව ගන්නා බවත්, පාරිභෝගික විශ්වාසනීයත්වය ඇති වෙළඳපොළක් ගොඩනැගීමට කටයුතු කරන බවත් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අවධාරණය කළේය.