මුඛ ආවරණයටත් එක් වර්ණයක්..

Italy Covid19 Face mask colour black and white
By Sewvandhi Jan 15, 2022 06:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අනාගතයේදී ඉතාලිය තුළ පලඳින මුඛ ආවරණ සුදු හෝ කළු වර්ණයෙන් පමණක් විය යුතු බව ඉතාලියේ පොලීසිය පවසයි.

ඉතාලි පොලීසිය වෙත රෝස පැහැයෙන් යුතු මුඛ ආවරණ තොගයක් ලබාදීමට විරෝධය පළ කරමින්, එරට පොලිස් සංගමය විසින් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට විරෝධය පළ කර ඇති අතර, එම වර්ණය ඔවුන්ගේ කීර්ති නාමයට හානිකිරීමේ අවදානමක් ඇති බව අවධාරණය කරයි.

"අපගේ පරිපාලනයට නොගැලපෙන බව බැලූ බැල්මට පෙනෙන වර්ණයකින් මුඛ ආවරණ මිලදී ගැනීමට හේතුව අපට තේරෙන්නේ නැහැ" ඉතාලි පොලිස් සංගමය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට ලිපියක් යවමින් ලියා ඇත.

"මේ මිලදී ගැනීම ප්‍රහේලිකාවක්" එම ලිපියේ සඳහන් වූයේ, කොවිඩ්-19 සෞඛ්‍ය අර්බුදයට වසර දෙකක කාලයක් ගතවී ඇති පසුබිමක සුදුසු මුඛ ආවරණ මිලදී ගැනීම පහසු විය යුතු බවයි. 

මේ තත්ත්වය තුළ අනාගතයේදී මුඛ ආවරණ කළු, සුදු හෝ නිල් පමණක් විය යුතු බව ඔවුහු  පවසනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now