මෙරටින් තවත් Omicron ආසාදිතයින් පිරිසක් සොයා ගැනේ
By Sewvandhi
ඔමික්‍රොන් ප්‍රභේදය ආසාදිත තවත් තුන්දෙනෙකු ශ්‍රී ලංකාවෙන් හඳුනාගෙන තිබෙනවා. ඔවුන් තිදෙනාම විදෙස්ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා.
වෙද්‍ය පර්යේෂණ ආයතනය අද දින සිදුකළ ජාන විශ්ලේෂණ පරික්ෂණයේදී මෙම ආසාදිතයින් තුන්දෙනා හඳුනාගත් බවයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අනාවරණ කළේ.
මේ අනුව මෙරටින් මේ දක්වා හඳුනාගෙන ඇති ඔමික්‍රොන් ආසාදිතයින් ගණන 07ක් දක්වා ඉහළ යනු ඇති.