භයානක තත්වයක්.. ඔමික්‍රෝන් මෙරට සමාජය පුරා පැතිරෙයි... (VIDEO)

srilanka corona virus covid 19 OMICRON
By Sithumi Jan 03, 2022 11:13 AM GMT
Sithumi

Sithumi

Report

 මේ වනවිට සමාජයේ තැන් තැන්වලින් ඔමික්‍රෝන් ආසාදිතයින් වාර්තා වන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා පැවසීය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ අද (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා, "දැන් MRI ආයතනයේ, අපි දැනට ඔමික්‍රෝන් වෛරසය 10දෙනෙකුගේ ඩිටෙක්ට් කරලා තියෙනවා.

ඒ 10දෙනාගෙන් 8 දෙනෙකු පිටරට සිට පැමිණි කට්ටිය. දෙදෙනෙක් අපේ රෝහල් පද්ධතිය මඟින් වාර්තා වු රෝගීන්. අපි දැන් මාස 6ක පමණ කාලයක සිට මේ ආවේක්ෂණ කටයුතු සිදුකරමින් තියෙනවා. අපි දකින දේ තමයි ඔමික්‍රෝන් පිටරට ඉඳලා එන අයගේ ඩිටෙක්ට් වීම හඳුනාගෙන තියෙනවා.

ඊට අමතරව සමාජයෙනුත් තැන් තැන්වලින් බොහෝම අඩුවෙන් ඔමික්‍රෝන් ඩිටෙක්ට් වෙනවා. මෙහිදී තේරුම් ගත යුතු දේ තමයි මේ ජාන අනුක්‍රමිකතා විශ්ලේෂණ කටයුතු අපි කරන්නේ, නියැදි පරීක්ෂාවක් තුළින්. ඒ නිසා ඇත්තටම මේ වෙලාවේ සමාජයේ මේ වෛරසය පැතිරෙන එක 100%ක් ඩිටෙක්ට් කරන්න බැහැ. අපිට පුළුවන් වෙන්නේ මීට සතියකට හෝ දෙකකට පෙර තිබූ තත්ත්වය ඒ නියැදි පරීක්ෂාව මඟින් නිර්වචනය කිරීමයි. මොකද මේ පරීක්ෂාව කිරීම සඳහා යම්කිසි කාලයක් ගතවෙනවා. ඒ අනුව අපිට ප්‍රතිඵල ලබාදීමට සතියක් හෝ දෙකක් යනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ වෛරසයේ පැතිරීමේ ප්‍රමාණය නිර්වචනය වෙන්නේ සෑම විටම සතියකට දෙකකට පස්සේ."

මාධ්‍යවේදියා - අපි අද බැලුවත් පොල් පටවලා යනවා දුම්රියවල වගේ වගක් නෑනේ.. කියන එකයි කරන එකයි අතර වෙනසක් තියෙනවා ආණ්ඩුවේම ? "අවුරුදු 2ක් මේ පැන්ඩමික් එකත් එක්ක අපි ඉඳලා තියෙනවා. අපිට ඕනේ මේ පැන්ඩමික් එකෙන් එළියට එන්න. ඒකට අභියෝගයක් වෙනවා මේ ඔමික්‍රෝන් වැනි ප්‍රභේද. අපි සාමාන්‍ය ආකාරයකට සාමන්‍යවීමක් වෙලා තියෙනවා. සමහර තියෙන පහසුකම් අනුව සමහර අවස්ථාවලදී 100%ක් අනුගත වෙන්න බැරි වෙනවා ඒ තියෙන පහසුකම් එකක්. ඒ නිසා තමා අපි කියන්නේ, ඔබේ එනනත් මාත්‍රා නිසිලෙස ලබා ගන්න. ඔබේ මුව ආවරණය නිසි ලෙස පැලඳ ගන්න. පොදු ප්‍රවාහනය වැනි අවස්ථාවකදී බොහෝ විට අපිට මේ අභියෝගයට මුහුණදෙන්න පුළුවන් වෙයි. අනවශ්‍ය ඒකරාශීවීම් නවතාලමින් එන්නත්කරණය හරහා ලබාගන්නා ආරක්ෂාවත් මාස්ක් එකෙන් ලබාගන්නා ආරක්ෂාවත් අනුව යමින් එදිනෙදා කටයුතු කරන්න."



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න. 
join now