ඕමානයේ වීසා නීති වෙනස් වෙයි. - රැකියාවකට යන්න හිතන් ඉන්නවා නම් මේක බලලම ඉන්න.

Sri Lanka Tourist Visa Foreign Employment Bureau Job Opportunity
By Wayomi Nov 09, 2023 12:26 PM GMT
Wayomi

Wayomi

Report

ඕමාන් රාජ්‍යයට ඇතුල්වීමේ වීසා බලපත්‍ර 2023.10.31 දින සිට අත්හිටුවීමට ඕමාන් රාජකීය පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව සංචාරක වීසා මගින් ඕමාන් රාජ්‍යයට ඇතුළුවී කුමන තරාතිරමේ රැකියාවක් සඳහා වුවද, රැකියා වීසා බලපත්‍රයකට මාරුවීමට මින් ඉදිරියට අත්හිටුවනු ඇති.

මීට පෙර, සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළුවී රැකියා වීසා බලපත්‍ර බවට පරිවර්තනය කිරීම සඳහා අදාළ තානාපති කාර්යාලවලින් “විරෝධතාවක් නොමැති” බවට ලිපියක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අවස්ථාව ලබාදුන් අතර, මෙම තීරණය අනුව එම අවස්ථාවද නතර කර ඇත.

මෙහිදී සංචාරක වීසා මගින් ඕමානයට ඇතුළුවූ පුද්ගලයෙකුට ඕමානයේ රැකියාවක් හිමි වූයේ නම්, එරටින් පිටවී යළි රැකියා වීසා බලපත්‍රයක් ලබාගැනීමෙන් අනතුරුව ඕමානයට ඇතුළු විය යුතු වෙනවා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් අවධාරණය කළේ, බොහෝ ශ්‍ර‍ී ලාංකිකයින් නිසි ක්‍රමවේදයන් අනුගමනය කරමින්, ඕමානයේ රැකියා සඳහා යොමුවන අතර, ජාවාරම්කරුවන්ගේ වංචාවලට හසුවන ඇතැම් ශ්‍රී ලාංකිකයින් සංචාරක වීසා මගින් ඕමානය වෙත ඇතුළු වී විවිධ හිරිහැරවලට ලක්වූ අවස්ථාද පසුගිය සමයේදී වාර්තාවූ බවයි.

ඒ, අනුව කාර්යාංශය විසින් විදේශ රැකියා අපේක්ෂිතයින්ට දැනුම් දී ඇත්තේ, කිසිදු විටක සංචාරක වීසා මගින් රැකියා සඳහා විදේශගත නොවන ලෙසයි.     

ReeCha