ඕමානයේ රැකියා වලට යනවනම් ඔබ දැනගත යුතුම දේ මෙන්න
සංචාරක වීසා මත ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටින කාන්තාවන් විවිධ අඩන්තේට්ටම් සහ පීඩාවන්ට ලක්ව ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
ශ්‍රී ලංකාවේ සිට පැමිණි ගෘහ සේවිකාවන්ගෙන් ලැබෙන දිනපතා පැමිණිලි සංඛ්‍යාව වැඩි වී ඇතැයි ඕමානයේ මස්කට් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.
විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ එසේ ලැබෙන පැමිණිලිවලින් වැඩි සංඛ්‍යාවක් සංචාරක වීසා මත රැකියා සඳහා ඕමානයට ගොස් සිටින කාන්තාවගෙන් බවයි. එසේ සංචාරක වීසා මත ඕමානයට ගොස් සිටින බොහෝ දෙනා ජාවාරම්කරුවන් සහ වංචනිකයන් මාර්ගයෙන් ලියාපදිංචි නොකර ඕමානයට ගොස් ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දුන්නා.
පීඩාවන්ට සහ අඩන්තේට්ටම්වලට ලක්ව දැනට ඕමානයේ සිරවී සිටින කාන්තාවන් 90 දෙනකු පමණ ශ්‍රී ලංකාවට පැමිණීමට මුදල් නොමැති වීම හේතුවෙන් මස්කට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් සහාය ඉල්ලා ඇති බවත් දැනට ඔවුන් ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය වියදම් දරා ආරක්‍ෂිත ස්ථානයක නවතා සිටින බවත් විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම කාන්තාවන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සහ සුභසාධන පහසුකම් සපයා ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළා.