ලොවම දිනූ ක්‍රීඩිකාවට, පියාගේ අවසන් මොහොත අහිමි වූ සංවේදී සිදුවීම..(PHOTOS)
ඊයේ (20) කාන්තා පාපන්දු ලෝක කුසලානය හිමිකර ගැනීමට ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම සමත්විය.
මෙම තරගය පැවැත්වුණේ, ඔස්ට්‍රේලියාවේ සිඩ්නි හි ය.
අවසන් මහා තරගයේදී ඔවුන් අතින් පරාජයට පත්වූයේ ප්‍රබල එංගලන්ත කණ්ඩායමයි. එම තරගයේ වාර්තා කළ එකම ගෝලය රැස්කළේ ස්පාඤ්ඤ නායිකා ඔල්ගා කාර්මෝනා විසිනි.
නමුත් තරගය අවසන්වී වී සුළු මොහොතකින් ඔල්ගා කාර්මෝනා ට අසන්නට ලැබුණේ සිය පියා මියගොස් ඇති බවය. දිගු කලක් අසනීපව සිටි ඔල්ගා ගේ පියා පසුගිය 18 වනදා මියගොස් තිබුණි.
නමුත් ලෝක කුසලාන තරගාවලිය හේතුවෙන් ඒ බව ඇයට නොදැන්වීමට ඇයගේ ඥාතීන් එකඟ වී තිබූ බව සඳහන් ය. පියාගේ මරණය ඇසීමෙන් හැඟීම්බර වූ ඔල්ගා සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ තම පියාට ගෞරව දැක්වූවාය.
"මම දන්නවා ඉන්න තැනක සිට ඔබ තරගය නැරඹුවා කියලා. සමාදානයේ සැතපෙන්න පියාණනි..."




