හෙට සහ අනිද්දා තෙල් බෙදනවද? ඇත්ත විස්තරේ මෙන්න

Report

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා සදහන් කරන්නේ හෙට(21) සහ අනිද්දා(22) ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයෙන් ඉන්ධන නිකුත් කරන්නේ නැති බවට පල වන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවයි.

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට අඛණ්ඩව ඉන්ධන සැපයීම සිදු කාර්නු ලබයි.

QR ක්‍රමයට හා ඔත්තේ / ඉරට්ටේ දින වශයෙන් වෙන් වෙන්ව ඉන්ධන නිකුත් කිරිමේ ක්‍රමවේදය ආරම්භ කිරීමත් සමග ඉන්ධන පිරවුම්හල් අසල පැවති පෝලිම් අවසන් වූ බවත් සදහන්ය.

  අද(20) දිනයේ ඉන්ධන නිකුත් කෙරෙන්නේ වාහනයේ අවසන් අංකය ඉරට්ටේ සංඛ්‍යාවක් වන වාහනවලට පමණකි.

සරණාගත ගැටලුව දේශපාලනීකරණය කරන්න එපා ඇමති බිමල් තමිල්නාඩුවෙන් ඉල්ලයි

සරණාගත ගැටලුව දේශපාලනීකරණය කරන්න එපා ඇමති බිමල් තමිල්නාඩුවෙන් ඉල්ලයි

ජනතාව සදහන් කරන්නේ QR කේතයට හා ඔත්තේ / ඉරට්ටේ ක්‍රමයට ඉන්ධන ලබාදීමෙන් තදබදය අවම වී ඇති අතර සියලු දෙනාට පහසුවෙන් ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව හිමිවී තිබෙන බවයි.

වැල්ලවාය ප්‍රදේශයේ ද පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සාර්ථකව සිදු කරනු ලබයි ඒ වගේම ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය හා යුධ හමුදාව යොදවා ඇත.

 ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන නිකුත් කෙරෙන්නේ ලංගම හරහාය

ඒ වගේම  කන්තලේ / ත්‍රිකුණාමලය / කින්යා / මූතුර් යන ඩිපෝ හරහා මෙම කටයුතු සිදු කරනු ලබයි.

  කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයෙන් කිසිදු බාධාවකින් තොරව ඉන්ධන නිකුත් කිරීම සිදු කරනු ලබන බවත් කොලොන්නාව නිමාව තෙල් ගබඩා පර්යන්තයේ කටයුතු ද සාර්ථකව ක්‍රියාත්මක වන බවත් වාර්තා වේ   .

රාස් ලෆාන් ප්‍රහාර වලින් කටාර්හි අපනයනය අඩු වී ආසියාවට සහ යුරෝපයට බලපෑම්

රාස් ලෆාන් ප්‍රහාර වලින් කටාර්හි අපනයනය අඩු වී ආසියාවට සහ යුරෝපයට බලපෑම්