සති අන්තයේ තෙල් බෙදාහැරීම නැවැත්වීමට තීන්දුවක්…කෘතීම තෙල් හිඟයක් අත ළඟ

Oil shortage
By Sithumi Sep 10, 2021 04:51 PM GMT
Sithumi

Sithumi

Report

කොලොන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන්ගේ අතිකාල දීමනා කප්පාදු කිරීමේ අරමුණින් සැප්තැම්බර් එකොළොස් වැනි දා සිට ඉදිරියට එළැඹෙන සෑම සෙනසුරාදා සහ ඉරිදා දිනයන් වල තෙල් බෙදා හැරීමේ සේවාවන් නවත්වා දැමීමට කටයුතු කිරීම නිසා ඉදිරියේදී කෘතිම තෙල් හිඟයක් රටපුරා ඇතිවීමේ අවදානමක් ඇතැයි ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති චෝදනා කරයි. 

 සාමාන්‍යයෙන් කොලන්නාව තෙල් ගබඩා පර්යන්ත සමාගමෙන් දිනකට තෙල් බවුසර එක්දහස් පන්සියයක් පමණ රට පුරා බෙදා හරින අතර මෙම corona වසංගත සමයේ පවා දිනකට තෙල් බවුසර් දාහක් පමණ රට පුරා බෙදා හරින බව ඛනිජ තෙල් වෘත්තිය සමිති පවසයි.

එලෙස දිනපතා තෙල් බවුසර් රටපුරා බෙදාහැරීම සිදු නොකළොත් රටේ කෘතිම තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බව වෘත්තී සමිති පවසයි.

ReeCha