විදුලිය හා ඉන්ධන පරිභෝජනය හැකි තරම් අඩු කරන්න - යුද්ධේ හෙට නැවතුනත් ලංකාව තීරණාත්මක අවදියක බව නලින්ද කියයි

Report

යුද්ධය හෙට අවසන් වුණත් තෙල් නිෂ්පාදන යටිතල පහසුකම්වලට එල්ල වී ඇති බලපෑම් අනුව ලංකා ආර්ථිකයට සිදුවන බලපෑම එක රැයින් අවසන් නොවන බවට කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද(22) දින පැවති මාධ්‍ය හමුවේදී සඳහන් කළා.

ඒ අනුව ඔහු අර්බුද සමය පහව යන තෙක් විදුලිය හා ඉන්ධන පරිභෝජනය අඩු කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව පැවසුවා.

එසේම තෙල් මිල වැඩිවීම මෙන්ම භාණ්ඩ හා සේවා මිල වැඩිවීම හේතුවෙන් වැඩිපුරම බලපෑමට ලක්වන ක්ෂේත්‍ර තෝරා ගෙන සහන ලබාදීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

ඉන්ධන ගැන මුළු රටම බලන් හිටපු සුබ ආරංචිය - අද රාත්‍රීයේ සිට QR කේතය යටතේ ලබා දෙන ඉන්ධන කෝටාව ඉහළට

එමෙන්ම විදුලි කප්පාදුවක් කිරීමට දැනට කිසිම අදහසක් නොමැති බවත් මිල ගණන් ඉහළ ගියත් විදුලිය මෙන්ම තෙල් අඛණ්ඩව සැපයීම රජයේ අරමුණ බවත් ඔහු මෙහිදී අවධාරණය කර ඇත.

මේ අතර බස් ගාස්තු සහ ත්‍රී රෝද රථ ගාස්තු යම් නියාමනයකට ලක්විය යුතුව ඇති හෙයින් ඒ පිළිබඳව අදාළ ආයතන ක්‍රියා කරන බවද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළා.   

අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට

අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට

විදුලි මිලේ සහ රාත්‍රීයට විදුලිය ලබාදීමේ වෙනසක් ගැන රජයෙන් දැනුම්දීමක්

විදුලි මිලේ සහ රාත්‍රීයට විදුලිය ලබාදීමේ වෙනසක් ගැන රජයෙන් දැනුම්දීමක්