ඉන්ධන මිල ඉහළ යාමත් සමග බහාලුම් ප්‍රවාහන ගාස්තුත් ඉහළට

Report

මේ වනවිට ඉන්ධන මිල ඉහළ යාමත් සමග බහාලුම් ප්‍රවාහන ගාස්තුද ඉහළ දැමීමට සිදුවන බව ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමය සදහන් කර තිබේ.

එම සංගමයේ ලේකම් ඉනාම් කෆූර් මහතා පැවසුවේ ප්‍රමාද ගාස්තු හා සංසන්ධනය කිරීමේදී බහාලුම් ප්‍රවාහන ගාස්තු 350%-400% අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුවනු ඇති බවය.

බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් දින 4-5ක කාලයක් ගත වන බවත් එම කාලය තුළ දිනකට රුපියල් 15,000 බැගින් ප්‍රමාද ගාස්තුද ගෙවීමට සිදුවී ඇති බවත් එතුමා පෙන්වා දෙන ලදි.

බස් ගාස්තු වැඩි නොකොළොත් දැවැන්ත වර්ජනයකට යනවා - පෞද්ගලික බස් සංගම් හිමියන්ගේ සංගමය

බස් ගාස්තු වැඩි නොකොළොත් දැවැන්ත වර්ජනයකට යනවා - පෞද්ගලික බස් සංගම් හිමියන්ගේ සංගමය

ලංකා භාණ්ඩ ප්‍රවාහන සේවා සංගමයේ ලේකම් ඉනාම් කෆූර් මහතා මේ සම්බන්ධව වැඩි දුරටත් අදහස් දක්වමින් සදහන් කළේ මෙවන් අදහසක්

"අපි ගණනය කරලා බැලුවොත් සාමාන්‍යයෙන් බහලුම් ප්‍රවාහන රථයකට රුපියල් 25,000ක් වැනි කුළියක් අයකරනවා කොළඹ අවට ඩිලිවරිවලට. දැන් වැඩිවීමක් ගත්තානම් අපි දැන් ප්‍රමාද ගාස්තු ගෙවනවා ලොරියට රුපියල් 15,000ක්. ඒවගේ පස් ගුණයක් ඒ කියන්නේ 75,000ක් ප්‍රමාද ගාස්තු හැටියට අය වෙනවා. ඒකත් එක්කම අර 25,000 කුළියත් අය වෙනවා. දැන් 30%ක් වැනි මුදලකින් ඩීසල් වැඩි වෙලා තියෙනවා මේ වැඩි කිරීම එක්ක බැලුවාම 400%කින් වගේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. වරායේ තියන බහාලුම් ටික නිෂ්කාශනය කරගන්න දවස් 4-5ක් විතර යනවා. දවසින් කරන්න පුළුවන් කුළිය දවස් 5ක් විතර ගියාම ඒ කුළී රථ හිමිකරුවාට අලාභයක් වෙනවා. දැන් අපි යන්නේ නිවාඩු මාසයකට ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ ඉතා ඉක්මනින් නිෂ්කාශනය කරලා ජනතාවට ලබා දෙන්න. ලංකාවට එන භාණ්ඩ ප්‍රමාදයක් නැතිව ජනතාවට භුක්ති විඳින්න අපි අවස්ථාව සලසලා දෙන්න ඕනේ"

දරුණු අනතුරක් - සිව් දෙනෙකුට තුවාල

දරුණු අනතුරක් - සිව් දෙනෙකුට තුවාල