උණුසුම මැද මැදපෙරදිග තවත් කැළඹෙයි - න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට
න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් අතිනවීන ප්‍රහාරක සබ්මැරීනයක් අරාබි මුහුදට පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙම සබ්මැරීනය මෙලෙස අරාබි මුහුද වෙත පැමිණ ඇත්තේ ඉරානයට එරෙහිව දියත්කර ඇති යුද මෙහෙයුම් තීව්‍ර කරන බවට අමෙරිකාව විසින් සිදුකර ඇති තර්ජනය අතරතුර වීම විශේෂත්වයක් වේ.
එසේම ඔස්ට්‍රේලියාවේ පර්ත්හි සිට මාර්තු මස 06 වෙනිදා පිටත්ව ඇති HMS ඇන්සන් නම් බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අයත් සබ්මැරීනය හෝමූස් සමුද්‍ර සන්ධිය ආසන්න, උතුරු අරාබියානු මුහුදේ ස්ථානගත කර ඇති බවට ද විශ්වාසයක් පවතී.
තීරණාත්මක හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානය ගත්තු අලුත්ම තීරණය - ආයේ සන්ධිය හරහා යන්න නම් නෞකාවලින් නව බද්දක්
එමෙන්ම කිලොමීටර් 1,600ක පමණ දුරකට ප්‍රහාර එල්ල කළ හැකි ටොමාහෝක් මිසයිල හා ටෝපිඩෝ වැනි ප්‍රහාරක අවි මෙම සබ්මැරීනය සතුවන බව සඳහන්.
ඊට අමතරව ප්‍රහාරක සබ්මැරීනය මෙලෙස මැදපෙරදිග කලාපයට පැමිණ ඇත්තේ ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා අමෙරිකාවට බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිත කිරීම සඳහා බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එකඟතාව පළ කිරීමෙන් අනතුරුව වීම ද විශේෂත්වයක් ගෙන ඇත.
පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි