තීරණාත්මක හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඉරානය ගත්තු අලුත්ම තීරණය - ආයේ සන්ධිය හරහා යන්න නම් නෞකාවලින් නව බද්දක්
හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කරන ඇතැම් නෞකාවලින් ඉරානය ඇමරිකානු ඩොලර් මිලියන 02 ක ගාස්තුවක් අය කරන බව ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඇලෙඩින් බෝරුජර්ඩි (Alaeddin Boroujerdi) පවසයි.
ඒ අනුව ඉරාන රාජ්‍ය රූපවාහිනිය සමඟ පැවැති සාකච්ඡාවකදී ඉරාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා ඇත්තේ, හෝමුස් සමුද්‍ර සන්ධිය සඳහා මේ වන විට "නව පාලන තන්ත්රයක්" (New goveing regime) හඳුන්වා දී තිබෙන බවයි.
පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි
එහිදී "යුද්ධයට පිරිවැයක් පවතින බව" අවධාරණය කළ ඔහු, මෙම පියවර හරහා ඉරාන ඉස්ලාමීය ජනරජය සතු බලය සහ අයිතිය ලොවටම ප්‍රදර්ශනය වන බව ද සඳහන් කළා.
එසේම පවතින යුදමය වාතාවරණය හමුවේ ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන නෞකා දැඩිව පරීක්ෂාවට ලක් කරන අතර, ඊශ්‍රායලය හෝ ඇමරිකාව සමඟ සබඳතා නොමැති බව තහවුරු කෙරෙන නෞකාවලට පමණක් ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලබා දෙන බවද වැඩිදුරටත් සඳහන්.