අනේ මාලනී.... ඇත්තටම ඇස් දෙක තෙත් වුනා. (Video)

Colombo Mrs Malani Fonseka Actress Latest Headlines Sinhala news
By Akash May 24, 2025 01:58 PM GMT
Akash

Akash

Report

මාලිනිය වෙනුවෙන් පහුගිය දවසක නවලෝකයේදී සංවිධානය උනු මේ වැඩසටහන දැකපු වෙලාවේ මට නිකමට හිතුනා ඇය යන්නම යන්න සූදානම් වෙනවා වෙන්න ඇති කියලා.

එහෙම නොවෙන්න එච්චර අවධානමක් අරගෙන එච්චර නිර්මාණශ්‍රීලී වැඩක් කරන්න කවුරුත් අතගහන්නෑ. කළාකරුවන් කළාකාරිණියන් වෙනුවෙන් සංවිධානය වෙන උපහාර උළෙලවල් සෑහෙන්න දැකලා තිබුනට මේ වැඩේ වෙනම වැඩක්.

ආපු දැකපු හැමෝම අඩවපු වැඩක්. මට දැන් හිතෙනවා මාලිනිය යද්දි මේ අන්තිම සුන්දර මතකය දෝතින්ම තුරුළු කරගෙන යන්න ඇති කියලා. හැමෝම මියගිය මාලිනිය ගැන ලියද්දි මට හිතුනා කවුද කියලවත් නොදන්න, මාලිනියගේ ජීවිතයට අවසාන මොහොතේ වටිනාකමක් එකතු කරපු, මේ අදහසේ නිර්මාතෘවරයා ගැන ලියන්න.


ReeCha