නිළවරණය කල් දමන්නැයි GMOA අධිකරණයට
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිළවරණය ලබන 26 වන දා පැවැත්වීම වළක්වාලන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්වරුන් කිහිප දෙනෙකු ගොනු කර ඇති මෙම පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇත්තේ නිළවරණ කමිටුවේ සභාපති වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න, එම සංගමය හා එහි සාමාජිකයින් දස දෙනෙකුයි.
එසේම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වත්මන් ලේකම්වරයා සමඟ එම ධුරයට තරඟ කරන වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු ද කොළඹ දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ, නිළවරණ කමිටු සභාපතිවරයා විසින් 2020 - 2021 වසර සඳහා ප්‍රකාශයට පත් කළ නිතරඟයෙන් තෝරා ගත් එම සංගමයේ නිලධාරීන්ගේ පත්වීම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලායි.
එම පැමිණිල්ල ලබන 21 වනදා සලකා බැලීමට නියමිතයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |