ඕලුගල ඇතුළු නිළධාරින් පිරිසක් ජොන්ස්ටන්ගේ හෝටලයක් වටලයි
නීති විරෝධී කටයුතු සිදුවන බවට ලද තොරතුරක් මත හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට අයත් බව සඳහන් හෝටලයක් පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර තිබේ.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලද තොරතුරකට අනුව, වළාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම පරීක්ෂාව සිදුකර ඇති බව වාර්තා වේ. කොළඹ 02, ලිලී වීදියේ පිහිටි එම හෝටලය පරීක්ෂා කිරීමේදී කිසිදු නීති විරෝධී ද්‍රව්‍යයක් හෝ ක්‍රියාවක් හමු නොවූ බව පොලිසිය සඳහන් කරයි.
පරීක්ෂා කටයුතු සිදුකරන අවස්ථාවේදී නීතිඥවරුන් හයදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්ද එම ස්ථානයේ සිට ඇති අතර, ඔවුන්ගේ අධීක්ෂණය යටතේ පරීක්ෂාව සිදුකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම පරීක්ෂාව සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් අවසරයක් යටතේ කටයුතු සිදුකර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.