මේ බැංකුවෙන් ලබා දෙන ණය මුදල ඉහළට - කැබිනට් අනුමැතිය හිමිවෙයි
ප්‍රතිපත්ති පාදක ණය පහසුකම් 2026 යටතේ ආසියා සංවර්ධන බැංකුව විසින් ලබා දෙනු ලබන ණය මුදල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රතිපත්ති පාදක ණය මඟින් 2026 වර්ෂය තුළදී ඇමෙරිකානු ඩොලර් මිලියන 380 ක් ලබා ගැනීම සඳහා 2026-03-16 වන දින පැවති අනුමැතිය ලබා දී ඇත.
එයින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක් වෙළෙඳ, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධන වැඩසටහන උප වැඩසටහන 1 සඳහා වෙන් කර තිබේ. කෙසේ වුවද, වත්මන් මැද පෙරදිග අර්බුදය සහ දේශගුණික කම්පන හේතුවෙන් පැන නඟින ආර්ථික අවිනිශ්චිතතාව හමුවේ එකී උපවැඩසටහන යටතේ වන ණය මුදල, ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක අතිරේක මූල්‍ය කරණ පැකේජයක් හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක් දක්වා වැඩි කිරීම මඟින් සහාය දැක්වීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබේ.
ඒ අනුව, එකී ණය මුදල ලබා ගැනීමට අදාළ ඉදිරි පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.