පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් - රට වටේම පොලිස් නිලධාරීන් තුන්දහසකට අධික සංඛ්‍යාවක්
එළඹෙන පොසොන් උත්සවයට සමගාමීව අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව පොලිසිය පවසයි.
අනුරාධපුර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති එන්.එල්. සුගතපාල මහතා ප්‍රකාශ කළේ මේ සඳහා පොලිස් නිලධාරීන් තුන්දහසකට අධික සංඛ්‍යාවක් යොදවන බවයි.
ආගමික සමයේදී මහජනතාවගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා වැව් සහ ජලාශ අසල ජීවිතාරක්ෂක භටයින් ද ස්ථානගත කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.