සාපෙළ සිසුන්ගේ ගැටුමක්.. එක් අයෙක් තුවාල ලබයි..

Sri Lanka Police G.C.E. (O/L) Examination
By Sithumi May 28, 2022 03:01 PM GMT
Sithumi

Sithumi

Report

මිටියාගොඩ ප්‍රදේශයේ විදුහලක අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටි සිසුන් දෙපිරිසක් අතර අද (28 ) සවස ඇතිවු ආරවුලකදි එක් සිසුවකුගේ සහෝදරයකුට අනෙක් පාර්ශවයේ සිසුවකුගේ සහෝදරයකු මන්නයකින් පහරදි ඇතැයි මිටියාගොඩ පෙලිසිය පවසයි.

මන්න පහරින් ඔහුගේ අතක ඇඟිලි තුනක් කැපි ඇති බවත් තුවාලකරු බලපිටිය රෝහලට ඇතුලත් කළ බවත් පොලිසිය පවසයි. මෙම පහරදිම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන ඇති අතර මිටියාගොඩ ‍පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.