සා පෙළ දරුවන්ට වෙන්න යන දේ මෙන්න.

Covid 19 Sir lanka
By Sithumi Sep 13, 2021 05:03 PM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් වසංගතය හමුවේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මාස ගණනක් ප්‍රමාදවීමෙන් මේ වනවිට සිසු දරුවන් දැඩි අපහසුතාවකට පත්වී සිටී. වැඩිහිටියන් පවසන්නේ, මේ ප්‍රමාදය හේතුවෙන් දරුවන්ට අපොස උසස් පෙළ විෂයයන් තෝරාගැනීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති බවය.

2020 දෙසැම්බර් මස පැවැත්වීමට නියමිතව තිබූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වූයේ මාස තුනක ප්‍රමාදයකිනි. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් එය පසුගිය මාර්තු පළමු වැනිදා මධ්‍යස්ථාන 4,513ක දී ක්‍රියාත්මක කෙරුණි. ඊට මුහුණ දුන් සියලු අයදුම්කරුවන් ගණන 622,000කි. 

  නමුත් කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට අගුළු දැමීමත් සමග සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය විෂයයන්හි ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වීමට හැකිවූයේ නැත. මේ හේතුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය, විෂයභාර පාසල් ගුරුවරුන්ගේ ඇගයීම් මත දරුවන්ට ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් ඉදිරිපත් කළත් ගුරු සංගම් ඊට දැඩි විරෝධයක් එල්ල කර තිබුණි. 

පසුව ජුලි මාසයේදී ඔන්ලයින් අධ්‍යයන කටයුතුවලින්ද බැහැරවෙමින් ගුරු-විදුහල්පති සංගම් ඇරඹූ වර්ජනයෙන් ප්‍රායෝගික පරීක්ෂණ තවදුරටත් කල්යෑම සිදුවිය. ප්‍රතිඵල නිකුත් නොකොට මාස ගණනාවක් ගතව ඇතත් අධ්‍යාපන අමාත්‍යාංශය ද මෙතෙක් ඊට නිශ්චිත විසඳුමක් ලබා දී නොමැත. 

  මින් දැඩි බලපෑමට ලක්ව ඇත්තේ, සිය උසස් පෙළ විෂයයන් තෝරාගැනීමට අපේක්ෂිත දරුවන්ය. "බයෝවලට ක්ලාස් යනවා. ප්‍රතිඵල ආවාම මොනවා වෙයිද දන්නේ නෑ. ප්රැක්ටිකල් එනවා කිව්වාට තවම එවලා නෑ," යැයි එක් දරුවෙක් පැවසීය. 

 දරුවන්ගේ අනාගත අධ්‍යාපන කටයුතු අර්බුදයකට ලක්ව ඇතත් ගුරු සංගම් තවමත් සිය ස්ථාවරය වෙනස් කර නොමැත. වෘත්තීය සමිති එවැනි දැඩි තීරණයක සිටින්නේ නම් අධ්‍යාපන අමාත්‍යාංශය මේ ගැටලුවට දෙන විසඳුම කුමක් ද? අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළකරමින් කියා සිටියේ, 

"ඒ දරුවන්ට තිබෙන සුවිශේෂි තත්ත්වය උඩ අපිට පුළුවන් වෙයි. අපි විකල්ප යෝජනා කරන්න එපැයිනේ. ඒ වෙනුවෙන් ප්‍රායෝගික පරික්ෂණ පවත්වන්න නැත්නම් වෙනත් විකල්පයක් ගන්න අපි තිරීණය කළා,“ යනුවෙනි. 

622,000 ක් පමණ වූ සාමාන්‍ය පෙළ දරුවන්ගේ මෙම ගැටලුවට විසඳුම් ලබාදීම ඔබ සියලුදෙනා සතු වගකීමක් බව අපගේ ස්ථාවරයයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha