පාස්පෝට් ප්‍රශ්නෙ තාම ඉවර නැද්ද?. මහ සෙනඟක් අදත් ඇවිත්..

Report

අද (30) දිනයේ දීත් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බොහෝ පිරිසක් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණ තිබෙනවා.

එම පිරිස් සඳහන් කළේ අදත් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොවූ බවයි.

මාලිමා ආණ්ඩුවේ.. මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයාගේ පඩියට මොකද වෙන්නේ?.. ජනපති කීව දෙය මෙන්න..

මාලිමා ආණ්ඩුවේ.. මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයාගේ පඩියට මොකද වෙන්නේ?.. ජනපති කීව දෙය මෙන්න..


ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව තිබූ හිස් විදේශ ගමන් බලපත්‍ර සීමිත වීම හේතුවෙන් එම බලපත්‍ර නිකුත් කිරීම සීමා කිරීමත් සමග ජනතාවට අපහසුතා රැසකට මුහුණ දුන් බව වාර්තා වේ.

පෙර පැවැති ක්‍රමවේදයටම විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමට නව ආණ්ඩුව තීරණය කිරීමත් සමග, බොහෝ පිරිසක් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමට බත්තරමුල්ල ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයට පැමිණ ඇත.

ඒත් සමග අර්බුදයක් ඇති විය.

තරුණියක් පිම්මේ හති දමමින් දුවලා.. අවු.09ක ප්‍රේමය පෙම්වතිය දැඩිසත්කාර ඒකකයට යවලා..

තරුණියක් පිම්මේ හති දමමින් දුවලා.. අවු.09ක ප්‍රේමය පෙම්වතිය දැඩිසත්කාර ඒකකයට යවලා..


ගෙවුණු දින කිහිපයේ මෙන්ම අදත් එලෙස පැමිණි ජනතාවට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු විය.

ඊයේ, අමාත්‍ය විජිත හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉතා කඩිනමින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගත යුතු අය පමණක් අදාළ කාර්යාලවලට පැමිණෙන ලෙසයි.

නමුත් අදත් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දැඩි තදබදයක් සහ දිගු පෝලිම් දක්නට ලැබිණ.

කෙසේ වෙතත්, ජනතාව පැවසුවේ දින කිහිපයක් තමන් මෙහි රැඳී සිටියත්, අද දිනයේදීත් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොවු බව ය.