ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා. - අමෙරිකාවෙන් අනාවරණයක්.

Sri Lanka United States of America
By Wayomi May 02, 2023 12:00 PM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාව තුළ ආගමික නිදහසට බාධා එල්ල වී ඇති බව ඇමෙරිකාව පවසනවා.

ඒ, ජාත්‍යන්තර ආගමික නිදහස පිළිබඳ අමෙරිකානු කොමිසම 2023 වර්ෂයට අදාළ වාර්තාව ප්‍රකාශයට පත්කරමින්.

විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ හින්දු සහ මුස්ලිම්වරුන්ගේ ආගමික නිදහස කඩ වී ඇති බව මෙහි දී මූලික වශයෙන්ම අනාවරණය වෙනවා.

වාර්තාව ඉදිරිපත් කරමින් ඔවුන් පවසන්නේ, මේ සඳහා මානව හිමිකම් කඩවීම් පිළිබඳව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අවදානය යොමුවිය යුතු බවයි.

මෙම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ, චීනය, ඇෆ්ගනිස්ථානය, නයිජීරියාව, යන රටවල් ද ආගමික නිදහසට බාධා එල්ල වන රටවල් අතර මුල් තැන ගන්නා බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW