ලබන 02 වනදායින් පසු සා.පෙළ උපකාරක පන්ති තහනම්

Report

අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාළව පැවැත්වෙන උපකාරක පන්ති, ලබන මස 02 වනදා මධ්‍යම රාත්‍රියේ සිට විභාග අවසන් වන තුරු තහනම් කර ඇත.

විභාග දෙපාර්තමේන්තුව සදහන් කළේ, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු ද මෙම කාලය තුළ තහනම් කර ඇති බවයි.

එමෙන්ම, මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 08 වනදා ආරම්භ වීමට නියමිත බව විභාගය දෙසැම්බර් 17 දක්වා මධ්‍යස්ථාන 3,519කදී පැවැත්වෙනු ඇත.

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න

මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කාලසටහන – විෂයයන්, දිනයන් සහ වේලාවන් පිළිබඳ නිල විස්තර මෙන්න