O/L විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම ගැන නවතම ආරංචිය...
පසුගිය මාර්තු මාසයේ පැවති 2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරිම තවදුරටත් ප්‍රමාද වනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් මහතා පවසනවා.
ගුරු වර්ජනය හේතුවෙන් මෙලෙස විභාග ප්‍රතිඵල ප්‍රමාද විය හැකි බවයි ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
මේ අතර දැනට රට තුළ පවතින වසංගත තත්වය හේතුවෙන් කලින් සැලසුම් කර තිබූ පරිදි එළැඹෙන මස මුල් සතියේ පාසල් යළි විවෘත කිරීම අවිනිශ්චිත බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඊයේ සදහන් කළා.
අගෝස්තු මස අවසන් වීමට ප්‍රථම සියලු ගුරුවරුන්ටත් අනධ්‍යන කාර්ය මණ්ඩලයවලටත් එන්නත් ලබා දී ඉන් අනතුරුව සැප්තැම්බර් මුල් සතියේ ක්‍රමානුකූලව පාසැල් විවෘත කිරීමට කලින් සැලසුම් කර තිබූ බවත් ඔහු පැවසීය.
නමුත් පවතින වසංගත තත්වය යටතේ එය කළ නොහැකි බවත් ගුරු වෘත්තීය සමිති විසින් දැනට ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගය ද ඊට බලපෑ බවත් ඔහු සඳහන් කළේය.
ඇමතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
