O/L විභාගය පැවැත්වෙන දිනය මෙන්න...

O/l exam
By Aruna Jul 26, 2021 05:34 AM GMT
Aruna

Aruna

Report

2022 පෙබරවාරි -21 සිට මාර්තු -03 දක්වා දක්වා අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

අද (26) පෙරවරුවේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, පවතින කොවිඩ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් විභාගය මෙලෙස මාසයක කාලයක් කල් දැමීමමට තීරණය කළ බවය.

2021 වර්ෂයේ සමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණි.

මේ අතර ලබන මස සිට නැවත සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමට අවධානය අවම සේවකයින් පිරිසක් සේවයට කැඳවීම හේතුවෙන් ආයතන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි බවට අමාත්‍යාංශ ලේකම්වරුන් රැසක් දැනුම් දී ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කළේ, සියලුම රාජ්‍ය සේවකයින් ලබන මස 01 වැනි දා සිට නැවත සේවයට කැඳවීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානයට යොමු කරන බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවත් ය.

රාජ්‍ය ආයතනවල සේවකයින් සේවයේ අවශ්‍යතාව මත මේ වනවිට සතියට දින 02 ක කාලයක් සේවයට කැඳවනු ලබන බවද වැඩිදුරටත් සඳහන් කරයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now