O/L සහ A/L විභාග දිනයන් යළිත් වෙනස් වෙයි?..අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය මෙන්න.

Sri Lanka Education O/l exam A/L exam Exam department
By Aruna Nov 08, 2021 02:59 AM GMT
Aruna

Aruna

Report
153 Shares

සිසුන් පාසල් නාවොත් කරන දේ අධ්‍යාපන අමාත්‍යංශය කියයි සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන්ගේ පැමිණීම අනුව දැනට නියම කර ඇති විභාග නියමිත දිනවලට පෙර පැවැත්වීමට ඉඩ ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

දහය” එකොළහ” දොළහ සහ දහතුන යන ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් පාසල් අද (08 වැනිදා) ආරම්භ කෙරෙන අතර මෙවර විභාගයට පෙනී සිටින එකොළහ ශ්‍රේණියේ සහ දහතුන ශ්‍රේණීයේ දරුවන්ගේ පාසල් පැමිණීමේ තොරතුරු දින පතා ලබා ගැනීමට ද අමාත්‍යාංශය තීරණය කර තිබේ.

දරුවන් පාසල් නොපැමිණෙන්නේ නම් විභාග පැවැත්වීම සඳහා තවත් කල් ගත කිරීම අවශ්‍යතාවක් නැත යන්න අමාත්‍යාංශයේ අදහසවී තිබේ.

එම ශ්‍රේණිවලට අදාළ පන්ති පවිත්‍ර කිරීමේ කටයුතු පසුගිය දිනවල පැවැති අතර විශේෂයෙන් එම පවිත්‍ර කටයුතු සඳහා දහතුන ශ්‍රේණියේ දෙමව්පියන්ගේ සහ දරුවන්ගේ පැමිණීම සතුටුදායක තත්ත්වයක නොපැවැති බව වාර්තා වී තිබේ.

මේ වන විට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත්තේ උසස් පෙළ විභාගය ලබන වසරේ (2022) පෙබරවාරි මාසයේ ද සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේද පැවැත්වීමය.

කෙසේ වුව ද මෙම විභාග දෙකම එකම කාලවකවානුවක පැවැත්වීම සම්බන්ධයෙන්ද අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබිණි.

මේ අතර මාස 06 කට පසු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා එම ශ්‍රේණිවල සිසුන්ගේ මව්පියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන් වෙනුවෙන් පාසල් සූදානම් කර ඇති බැවින් දරුවන් පාසැල් වෙත යොමු කරන ලෙසයි.

සියලු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු ඉකුත්දා ආරම්භ වුණා. 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරන බවයි අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ.

හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නැයි අද සිට පාසල් පැමිණෙන සිසුන්ගෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කළා.

මේ අතර කොරෝන වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට මග හැරුණු විෂය නිර්දේශ සති 20 කින් ආවරණය කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha