සල්ලි නැතුව කන්න නැතුව හිටිය 17 හැවිරිදි යුවළට නුවරඑළිය පොලිසිය සිදු කළ දේ..

By Sithumi Oct 11, 2022 04:59 PM GMT
Sithumi

Sithumi

Report

මුදල් නොමැතිකමින් අසරණව නුවරඑළිය නගරයේ රැඳි සිටි 17 හැවිරිදි පෙම්වතුන් යුවළක් පොලිසිය බාරයට ගෙන දෙමාපියන් වෙත බාර දී තිබේ. 

  කළුතර, පයාගල ප්‍රදේශයේ පදිංචි පිරිමි ළමයකු හා අම්පාර ප්‍රදේශයේ පදිංචි ගැහනු ළමයකු මෙලෙස පොලිසිය බාරයට ගෙන ඇත. එම යුවළ වේල් දෙකක් ආහාර ගෙන නොතිබුණු අතර, කබායක් හෝ නොපැළඳ සීතලේ වෙව්ලමින් සිට ඇතැයි පොලිසිය සඳහන් කළේය

. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඇති ඔවුන් දෙදෙනා මීට කලකට පෙර මුහුණු පොත ඔස්සේ හඳුනාගෙන ඇති බවත් පසුව එය ආදර සම්බන්ධයක් බවට පත්ව තිබෙන බවත් පොලිසිය පැවසීය. 

 මීට සතියකට පමණ පෙර සිවිල් ආරක්ෂක භටයකු වන පෙම්වතියගේ පියා අදාළ සම්බන්ධය පිළිබඳ දැනගෙන සිය දියණියට දැඩිව අවවාද කර ඇයගේ ජංගම දුරකතනය ද ලබාගෙන ඇත. ඉන් අනතුරුව කඩිනමින් විවාහ වීමට සිතූ පෙම්වතිය පසුගිය 06 වැනිදා පෙම්වතා සොයාගෙන පානදුර නගරයට පැමිණ ඇත.

පානදුර දී හමුවූ යුවළ එදින රාත්‍රිය පානදුර බස් නැවතුම්පලේ ගතකර පසුදින අලුයම කොළඹ පැමිණ ඇත. 

 කොළඹ පැමිණි ඔවුන් එදින සවසම යළි බසයක නැග නුවරඑළියට පැමිණ තිබේ. නුවරඑළියට පැමිණි ඔවුන් දෙදෙනා සතුවම මුදල් නොමැති බැවින් පෙම්වතියගේ ටැබ් යන්ත්‍රය හා පෙම්වතාගේ ජංගම දුරකතනය අලෙවි කිරීමට උත්සහා දරා තිබේ. 

නුවරඑළිය පොලීසිය ඉදිරිපිට පිහිටිත්‍රි රෝද රථ ගාලේ රියැදුරකුට ඔවුන් ඒවා විකිණිමට උත්සහ කර ඇති අතර, තමන් පත්ව ඇති අසීරූතාව ද පවසා තිබේ. ත්‍රිරෝද රථ රියදුරු විසින් මේ බව නුවරඑළිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.ඒ. ප්‍රේමලාල් වෙත දැනුම් දීමෙන් පසු මෙම යුවල පොලිසිය බාරයට ගෙන තිබිණි.

පසුව පොලිසිය විසින් ඔවුන්ට ආහාර සහ කබා ලබාදී ඇත. මෙම දරුවන්ගේ දෙමාපියන් පසුදින නුවරඑළිය පොලිසිය වෙත කැඳවා ඔවුන්ට දැඩිව අවවාද කර දරුවන් බාර දී තිබේ. 

 උපුටා ගැනීමකි අරුණ පුවත්පතින්