සුන්දර නුවර එළියට හදිසියේම සිදු වූ වෙනස...

By Sithumi Oct 09, 2022 06:25 PM GMT
Sithumi

Sithumi

Report

සති අන්ත නිවාඩුවත් සමග නුවරඑලියට දේශිය සංචාරකයන් විශාල පිරිසක් පැමිණ සිටින බව නුවරඑලිය සංචාරක හෝටල් හිමියන්ගේ සංමයේ නිලධාරින් පවසයි.

පැමිණි සංචාරකයන් නුවරඑලියේ සියළුම සංචාරක හෝටල් , නිවාඩු නිකේතන සහ සංචාරක නවාතැන් පහසුකම් ලබාදෙන ස්ථාන වල නවාතැන් ගෙන ඇති බවයි එම නිලධාරියා කියා සිටියේ.

එසේ පැමිණි සංචාරකයන් නුවරඑලිය ග්‍රේගරි වැව පරිශ්‍රය ,වික්ටොරියා උද්‍යානය , නුවරඑලිය නගරය සහ හග්ගල උද්භිද උද්‍යානයේ සංචාරය කරන අතර, සංචාරකයන් සදහා නුවරඑලිය පොලිසියෙන් විශේෂ ආරක්ෂිත වැඩපිලිවෙලක්ද දියත් කර ඇත. නුවරඑලිය ප්‍රදේශයේ මේ දිනවල යහපත් කාලගුණ තත්ත්වයක් පවතින නිසා සංචාරකයන් නුවරඑලිය ග්‍රේගරි වැව අවට විනෝද වන අයුරු දක්නට ලැබුණි.