අපි කීවේ සතියකට වහන්නයි.. ආණ්ඩුව සති පහක් වැහුවා..අපි විරෝධතා කරනවා..හෙද සංගමය (VIDEO)
curfew
covid19
lock down
vaccination
By Sewvandhi
තමන් ඉල්ලා සිටියේ සතියකට වසා දමන ලෙස වුවත් ආණ්ඩුව සති පහක් රට වසා දැමූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ එතරම් දීර්ඝ කාලයක් රට වසා දැමීමක් තම සංගමය බලාපොරොත්තු නොවූ බවය.
එවන් දීර්ඝකාලීන රට වැසීමට දී සිදුවන්නේ ආර්ථිකය කඩා වැටීම සහ එදිනෙදා ආදායම සොයා ගන්නා ජනතාවගේ ජීවන තත්ත්වය තවත් කඩා වැටීම බවත් ඔහු පෙන්වා දෙයි.
දැන් නැවත රට විවෘත කිරීමේ දී පනවා ඇති සීමා නිවැරදි ද යනුවෙන් නැවත ප්‍රශ්නයක් මතු වී ඇති බවත් ඒ මහතා සඳහන් කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පල කරන ලදී.
මේ අතර සෞඛ්‍ය වෘත්තිකයන් ගේ ගැටළු ගැටලුවලට බලධාරීන් ප‍්‍රතිචාර නොදැක්වීම නිසා ඉදිරි දින කිහිපය ඇතුලත පෙර නොදන්නවා වැඩවර්ජනයක් කැඳවන බව ද ඒ මහතා සඳහන් කරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |