රෝගීන් දෙදෙනෙකුගේ නම් ඇසූ හෙදියට වෛද්‍යවරයා පහර දෙයි...හෙදියන් ක්‍රියාමාර්ගයක් ගනී

Sri Lanka Strike nurse maharagama Apeksha hospital
By Sewvandhi Jan 18, 2022 06:07 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මහරගම අපේක්ෂා රෝහලේ ශල්‍යාගාර භාර ප්‍රධාන හෙද නිලධාරිනියට පහරදුන් විශේෂඥ වෛද්‍යවරයාට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා එම රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (18) දා උදෑසන සේවයෙන් ඉවත්ව විරෝධතාවක් නිරත විය.

අපේක්ෂා රෝහලේ හෙද - හෙදියෝ 300 කට ආසන්න පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් රෝහල ඉදිරිපිට දී පැය දෙකක පමණ කාලයක් මෙම විරෝධතාවයේ නිරත වූහ. 

 ශල්‍යකර්ම සඳහා නියමිත නාමලේඛනයේ අපේක්ෂා රෝහලේ වෛද්‍යවරුන් නොවන දෙදෙනෙකුට අයත් රෝගීන් දෙදෙනකුගේ නම් දෙකක් තිබීම පිළිබඳව ප්‍රධාන හෙද නිලධාරිනිය මෙම ශල්‍ය වෛද්‍යවරයාගෙන් විමසා තිබේ .

එහිදී වෛද්‍යවරයා ඊට උරණ වි ශල්‍යාගාරය භාර ප්‍රධාන හෙද නිලධාරිනිය සමග බහින් බස් වීමක් ඇති කරගෙන පසුව ඇයට පරුෂ වචනයෙන් බැන මෙසේ පහරදීමක් සිදුකර ඇතැයි විරෝධතා කරුවෝ චෝදනා කරති

පසුව පහරකෑමට ලක්වූ ප්‍රධාන හෙද නිලධාරීනිය ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඇය මේ වන විට එහි ප්‍රතිකාර ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now