හෙදියන්... රජය... ඇමති නලින්ද.... වාර්තාවක්..!!!
Sri Lanka
Ministry of Health Sri Lanka
Hospitals in Sri Lanka
Nalinda Jayatissa
Sinhala news
By Akash
හෙද සේවය සඳහා බඳවාගත් 3147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම (24) අරලියගහ මන්දිර පරිශ්‍රයේ රැස්වීම් ශාලාවේ දී සිදුකෙරුණා.
මෙරට හෙද සේවා ඉතිහාසයේ සුවිශාල පිරිසකට එකවර පත්වීම් ලිපි ප්‍රදානය කළ පළමුවන අවස්ථාව මෙයයි. උත්සවයට සමගාමීව හෙද සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සඳහා උසස්වීම්ද ප්‍රදානය කළා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම උත්සවයට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්වුණා.
