හෙට මෙරට විශේෂ පිරිසක් නැවතත් වැඩවර්ජනයකට සැරසෙයි..

By Sithumi Nov 25, 2021 02:08 PM GMT
Sithumi

Sithumi

Report

ඉදිරි දින 6 තුළදී සිය ඉල්ලීම් ඉටුකිරීමට රජය අපොහොසත් වන්නේ නම් සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.

ඊයේ (24) පෙරවරු 7සිට ආරම්භ කළ වර්ජනය අද (25) දෙවන දිනටත් ක්‍රියාත්මක විය. සෞඛ්‍ය සේවයේ උසස්වීම් විෂමතා ගැටලු, සෞඛ්‍ය පරිපාලන සේවාවක් ඇති කිරීම සහ හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 16ක් ඒ සඳහා එක්වී ඇත. 

වර්ජනය හේතුවෙන් රෝහල්වල නේවාසික හා බාහිර රෝගී ප්‍රතිකාර සේවාවලට අදත් බලපෑම් එල්ල වී තිබුණි.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now