කට්ටි පනිමින් සිටි වලස්මුල්ලේ පිංකැටයා විශේෂ මෙහෙයුමකින් අත්අඩංගුවට

Report

සොරකම් සහ මංකොල්ලකෑම් 20කට අධික සංඛ්‍යාවකට සම්බන්ධව වරෙන්තු ලබා සිටි, 'පිංකැටයා' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සසන් කල්හාර නැමති සැකකරු අත්අඩංගුවට ගැනීමට වලස්මුල්ල පොලීසිය සමත්ව තිබේ.

මොහු මීට පෙර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටියදී, ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රෝහලට ඇතුළත් කර සිටි අතරවාරයේ පසුගිය පෙබරවාරි 28 වනදා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාවෙන් මිදී පලාගොස් තිබුණි.

රෝහලෙන් පලාගොස් සැඟව සිටි කාලය තුළ ද සැකකරු විවිධ අපරාධවල නිරත වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මත් ලෝලීන්ටනම් කණගාටුදායක ආරංචියක් අවුරුද්දේ සුරාසැල් වසයි

මත් ලෝලීන්ටනම් කණගාටුදායක ආරංචියක් අවුරුද්දේ සුරාසැල් වසයි

ඒ අනුව වලස්මුල්ල ප්‍රදේශයේ සත්ව සායනයකින් රුපියල් ලක්ෂ තුනක මුදලක් සහ අසල තිබූ යතුරුපැදියක් සොරකම් කර පලාගොස් ඇති ඔහු, පසුව වලස්මුල්ල නගරයේ රියදුරු පාසලකට අයත් බස් රථයක් ද සොරකම් කර තිබේ.

එම බස් රථයෙන් මාතර දක්වා ගමන් කර එය මාතර බස් නැවතුම්පොළ අසල දමා පලාගොස් සිටියදී, අද (08) අලුයම 3.00ට පමණ පොලීසිය සහ පොලිස් විශේෂ කාර්යාංශය එක්ව සිදුකළ මෙහෙයුමකදී මොහු යළි අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් සැකකරු අද දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහු විසින් සිදුකර ඇති තවත් සොරකම් පිළිබඳව වලස්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

හෙට දිවයිනේ සියලුම පාසල්වල මෙය ක්‍රියාත්මකයි - පළමු වාර අවසාන පාසල් නිවාඩු ලබාදීමට පෙර සිදු කරන්නැයි දැනුම්දෙයි

හෙට දිවයිනේ සියලුම පාසල්වල මෙය ක්‍රියාත්මකයි - පළමු වාර අවසාන පාසල් නිවාඩු ලබාදීමට පෙර සිදු කරන්නැයි දැනුම්දෙයි