සියල්ල මවිත කරමින් වසර 19යකට පසු පස් දරු පියාගේ ඝාතනයේ සුළ මුල හෙළි වේ
රොටුඹ පනාකඩුව ප්‍රදේශයේදී මීට වසර 19කට පෙර සිදුවූ පස්දරු පියෙකුගේ ඝාතනයකට සම්බන්ධ බවට සැකපිට කාන්තාවක ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු දෙනියාය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් රොටුඹ, පනාකඩුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ත් 56ත් අතර පසුවන්නන් බව පොලීසිය පවසයි.
ප්‍රසිද්ධ බැංකුවකින් පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක් - බැංකුවේ කළමනාකරුවෙක් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට
2006 නොවැම්බර් මස 06 වනදා පස්ගොඩ පිටබැද්දර ප්‍රධාන මාර්ගයේ පනාකඩුව ලී මෝල අසල බෝක්කුවක් අසල තිබී දම්පහල, විලයාය ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි රංගොඩගේ පියසිරි යන අයගේ සිරුර සොයාගෙන තිබුණි.
දීර්ඝ කාලයක සිට විසඳාගත නොහැකිව තිබූ මෙම අපරාධය සම්බන්ධයෙන් ලැබුණු නවතම තොරතුරු මත සිදුකළ විමර්ශනවලදී මෙම සැකකරුවන් හඳුනා ගැනීමට පොලීසියට හැකි වී තිබේ.
අත්අඩංගුවට ගත් පිරිස අතර එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු සහ ඔවුන්ගේ ඥාතීන් දෙදෙනෙකු වන අතර මියගිය පුද්ගලයා ද සැකකරුවන්ගේම ඥාතියෙකු බව හෙළි වී ඇත.
සැකකරුවන් දෙනියාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඝාතනයට හේතුව පිළිබඳව දෙනියාය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.