ප්‍රසිද්ධ බැංකුවකින් පාරිභෝගිකයන්ට විශේෂ නිවේදනයක් - බැංකුවේ කළමනාකරුවෙක් ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට
NDB අභ්‍යන්තර මුදල් වංචා සිද්ධිය සම්බන්ධයෙන් එම බැංකුවේ කළමනාකරුවෙකු ඇතුළු පුද්ගලයින් කිහිප දෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
එසේම NDB බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර ඇත්තේ මෙම සිද්ධිය හේතුවෙන් කිසිදු ගනුදෙනුකරුවෙකුගේ ගිණුම් හෝ තැන්පතුවලට බලපෑමක් සිදුවී නොමැති බවයි.
එසේම සියලුම සේවාවන් සාමාන්‍ය පරිදි බාධාවකින් තොරව පවත්වාගෙන යන බවද බැංකුව දැනුම් දෙයි.
අඳාළ වංචාව බැංකුවේ නිශ්චිත මෙහෙයුම් අංශයකට සීමා වූ අතර, එයට සේවකයින් කිහිප දෙනෙකුගේ සම්බන්ධතාවයක් හඳුනාගෙන තිබෙනවා.
එසේම සිද්ධිය හෙළි වූ වහාම අදාළ සේවකයින් තාවකාලිකව සේවයෙන් ඉවත් කර තිබෙන අතර, සාක්ෂි සහ වාර්තා ආරක්ෂිතව රඳවාගෙන ඇත.
එමෙන්ම අදාළ අංශය දැඩි අධීක්ෂණයට යටත් කර අභ්‍යන්තර පාලන, වාර්තාකරණ හා ආරක්ෂණ පද්ධති තවදුරටත් ශක්තිමත් කරමින් පවතින බව ද බැංකුව ප්‍රකාශ කරයි.
ඊට අමතරව බැංකුව හෙළි කරන්නේ, අතිශය නරකම තත්ත්වයකදී වුවද, මෙම සිද්ධියෙන් සිදුවිය හැකි අලාභය 2026 මාර්තු 31 අවසන් වන කාර්තුව සඳහා රුපියල් බිලියන 4.0ක් පමණ බවයි. කෙසේ වුවද බැංකුවේ මූල්‍ය ශක්තිය තවදුරටත් ස්ථාවර බව ඔවුන් අවධාරණය කරයි.
හෙට දිවයිනේ සියලුම පාසල්වල මෙය ක්‍රියාත්මකයි - පළමු වාර අවසාන පාසල් නිවාඩු ලබාදීමට පෙර සිදු කරන්නැයි දැනුම්දෙයි
එසේම 2025 වසර සඳහා බැංකුව රුපියල් බිලියන 11ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර, 2026 මාර්තු 31 වන විට සමස්ත වත්කම් පදනම රුපියල් බිලියන 990ක් පමණ වන බවද පවසයි.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර තිබෙන අතර, අවශ්‍ය නියාමන අධීක්ෂණ සහ සහාය ලබාදී තිබෙනවා.
එබැවින් නියාමන උපදෙස් අනුව, 2026 අප්‍රේල් 6 දින ගෙවීමට නියමිත මුදල් ලාභාංශය තාවකාලිකව අත්හිටුවා තිබෙන අතර, Scrip Dividend යෝජනාව සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක බව සඳහන්.
අඳාළ සිද්ධිය පිළිබඳ ස්වාධීන වෝහාරික විගණනයක් සිදු කිරීම වෙනුවෙන් ස්වාධීන විමර්ශන විශේෂඥයෙකු පත් කිරීමට අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ අතර NDB බැංකුව සඳහන් කරන්නේ, විනිවිදභාවය, වගකීම සහ මහජන විශ්වාසය ආරක්ෂා කිරීම සඳහා තම කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යන බවයි.
එසේම මහජනතාවගෙන් තහවුරු නොකළ තොරතුරු, කටකතා හෝ අනුමාන ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස ඔවුන් ඉල්ලා සිටියි.