හෙට දිවයිනේ සියලුම පාසල්වල මෙය ක්‍රියාත්මකයි - පළමු වාර අවසාන පාසල් නිවාඩු ලබාදීමට පෙර සිදු කරන්නැයි දැනුම්දෙයි
පාසල තුළින් බලශක්ති සංරක්ෂණ සංස්කෘතියක් ගොඩනැගීමේ අරමුණෙන් ‘සුරකිමු ලංකා පාසල් බලශක්ති සුරක්ෂිත වැඩසටහන’ හඳුන්වාදීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර ඇත.
ඒ අනුව එම වැඩසටහන හෙට(09) දින දිවයිනේ සියලු පාසල්වල ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය දැනුම් දෙයි.
එහි අරමුණ මෙරට පාසල් පද්ධතිය තුළ බලශක්ති භාවිතය කාර්යක්ෂම කරමින්, බලශක්ති සුරක්ෂිතතාව සහ පාරිසරික තිරසරභාවය වර්ධනය කිරීමයි.
ඒ පිළිබඳව නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ද අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ගෙන තිබෙනවා.
එබැවින් පළමු වාරය අවසානයේ පාසල් නිවාඩු ලබාදීමට ප්‍රථම අදාළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කළ යුතු වේ.
අඳාළ දිනය ප්‍රායෝගිකව අපහසු වන අවස්ථාවකදී සුදුසු දිනයක් ඒ සඳහා යොදා ගන්නා ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට හා පාසල් ප්‍රධානීන්ට උපදෙස් ලබාදී ඇත.