මත් ලෝලීන්ටනම් කණගාටුදායක ආරංචියක් අවුරුද්දේ සුරාසැල් වසයි

Report

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සැමරුම්වලට සමගාමීව අප්‍රේල් 13 සහ 14 යන දිනවල ශ්‍රී ලංකාව පුරා සියලුම මත්පැන් අලෙවිසැල් වසා තබන බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.බී.එන්.ඒ. පේමරත්න මහතා නිවේදනය කළේය.

රජයේ අනුමැතිය ඇතිව, මත්පැන් අලෙවිසැල්, තැබෑරුම්, හෝටල්, අවන්හල් සහ කැරෝකී බාර් ඇතුළු බලපත්‍රලාභී ආයතන මෙම දින දෙක තුළ මත්පැන් අලෙවිය අත්හිටුවනු ඇත.

නිවාඩු කාලය තුළ මත්පැන් අලෙවි කිරීමෙන් සුරාබදු නීති උල්ලංඝනය කරන ඕනෑම බලපත්‍රලාභීයෙකුට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පේමරත්න මහතා  තවදුරටත් පැවසීය.

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

ඕනෑම නීති විරෝධී මත්පැන් ජාවාරමක් පිළිබඳව 1913 ක්ෂණික දුරකථන අංකයට වාර්තා කරන ලෙස ඔහු තවදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

උත්සව සමයේදී නීති විරෝධී මත්පැන් බෙදා හැරීමේ නිරත වැරදිකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගාල්ල, අනුරාධපුර, මහනුවර, කුරුණෑගල සහ දිවයින පුරා විශේෂ සුරාබදු මෙහෙයුම් ඒකක දැඩි සීරුවෙන් තබන බව ඔහු තවදුරටත් සදහන් කර තිබේ  .

ජනතාවට තවත් ගැටළුවක් - IOC ඩීසල් මිලත් ඉහළ යයි

ජනතාවට තවත් ගැටළුවක් - IOC ඩීසල් මිලත් ඉහළ යයි