ප්‍රභාකරනුයි ජේවීපී එකයි මේ රට විනාශ කළේ මන්ත්‍රී සුජීව මැතිසබය දෙවනත් කරයි

Report

මේ රටට සංවර්ධනයක් වෙන්න ජනතා විමුක්ති පෙරමුණ ඉස්සර ඉඩ නොදුන් බව සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සදහන් කර තිබේ.

 එතුමා තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසක්

''මාලිමාවේ මන්ත්‍රීවරු ඉතාමත් ආදරණීය ලෙස බලශක්තිය නිෂ්පාදනය සම්බන්ධයෙන් දැන් කතා කරනවා . විපක්ෂෙ හිටියනම් මේ ගොල්ලෝ උද්ඝෝෂණ කරලා රට වට්ටලා. කථානායක තුමත් එක්කම මේ ආණ්ඩුව සෑහෙන්න අසාර්ථකයි . මේ වෙද්දී හෝමෝස් සමුද්‍ර සංධිය විවෘත කරනවා කියලා ලොරි ටෝක් දුන්නා ඒත් තෙල් තිබ්බනම් තෙල් වැඩි කරන්න ඕනේ නෑ . ඉන්දියාව එහෙමයි කළමනාකරණය කරන්නේ ඉගන ගන්න ඉන්දියාවෙන්. අප්‍රේල් වෙනකම් තෙල් තියනවනම් තෙල් වැඩි කරන්නේ මොකටද ? ජනාධිපතිවරයා හොල්මන් වෙලා ඉන්නේ වෙන දවසකනම් ඇවිල්ලා තග පාට් එක දාලා යන්නෙ. ලෝක බැංකු වාර්තාවක තියනවා ආසියාවේ වැඩිම විදුලි බිල ලංකාවෙ ,ඒ වගේම 33% කට කන්න නෑ තරුණ තරුණයන්ට රැකියා නෑ කියලා .

මේ රටට සංවර්ධනයක් වෙන්න දුන්නේ නෑ. ප්‍රභාකරනුයි ජේවීපී එකයි රට විනාශ කළේ.

ගල් අගුරු ගැන කතා කළොත් තනිකර වංචාවක් ,ටෙන්ඩර් එකේ ඉදන් හොරකම . පොඩි පොඩි හාල් මැස්සෝ අල්ලන් නැතුව මේව අල්ලන්න . බිලියන 4 කට වැඩියි . ආයේ ජනාධිපති කෙනෙක් පත් කරද්දී මේවගෙ ටොම් පචයෙක් පත් කර ගන්න එපා ''   

 

නිල නොලත් වශයෙන් විදුලිය කපන්න සූදානම් වෙලා අනිවාර්යයෙන් කරන්ට් පැයක් කපනවා...අවුරුද්දෙන් පස්සේ වෙන්න යන විනාසේ - සුජිත්

නිල නොලත් වශයෙන් විදුලිය කපන්න සූදානම් වෙලා අනිවාර්යයෙන් කරන්ට් පැයක් කපනවා...අවුරුද්දෙන් පස්සේ වෙන්න යන විනාසේ - සුජිත්