ලේසියෙන් වැඩේ කරගන්න රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්‍

Report

මහජන සේවාවන් නවීකරණය කිරීමේ තවත් වැදගත් පියවරක් තබමින් රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් '1930' ක්ෂණික ඇමතුම් අංකය සහ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය ඊයේ (07) එළිදක්වන ලදී.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සමාරම්භක උත්සවය එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

ඒ අනුව මහජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණු කරගනිමින් ස්ථාපිත කළ මෙම නව ඇමතුම් මධ්‍යස්ථානය සහ සිංහල, දෙමළ, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම ක්‍රියාත්මක වන පරිශීලක හිතකාමී වෙබ් අඩවිය හරහා විනිවිද පෙනෙන සේවාවක් ලබාදීමට අපේක්ෂිතය.

රාජ්‍ය සේවය සහ මහජනයා අතර පවතින සන්නිවේදන පරතරය හේතුවෙන් බොහෝ දෙනා අතරමැදියන්ගේ ග්‍රහණයට හසුවන බවත්, එමගින් ලේඛනවල නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලු මතු වන බවත් මෙහිදී අනාවරණය විය.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

1930 අංකය සහ නව වෙබ් අඩවිය මගින් නිවැරදි තොරතුරු සෘජුව ලබාදීම හරහා එවැනි වංචනික ක්‍රියාකාරකම් වැළැක්වීමට පියවර ගෙන ඇත.

විශේෂයෙන්ම විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට දරු උපත් ලියාපදිංචිය, විදේශිකයන් සමඟ විවාහ වීම සහ දේපළ කටයුතුවලදී මුහුණ දීමට සිදුවන ගැටලුවලට මෙමගින් කඩිනම් විසඳුම් ලබාගත හැකිය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, ශ්‍රී ලංකාවේ රාජ්‍ය පරිපාලන පද්ධතිය තුළ සිදුවන සුවිශේෂී තාක්ෂණික පරිවර්තනයක ආරම්භයක් ලෙස අමාත්‍යාංශය පෙන්වා දෙයි.

මෙන්න මේ දීමනාව ලබා දෙන ක්‍රම වේදයේ වෙනසක්

මෙන්න මේ දීමනාව ලබා දෙන ක්‍රම වේදයේ වෙනසක්