ලොවම සාමයට පත්කළ සටන් විරාමයට යුක්රේනයත් එක්වෙයි
එක්සත් ජනපදය සහ ඉරානය අතර එකඟ වූ සටන් විරාමය සහ හෝර්මුස් සමුද්‍ර සන්ධියේ අවහිරතා ඉවත් කිරීම යුක්රේනය පිළිගෙන ඇති බව විදේශ අමාත්‍ය ඇන්ඩ්‍රි සිබිහා එක්ස් හි ප්‍රකාශ කළ අතර, යුක්රේනයේ රුසියාවේ යුද්ධය නැවැත්වීමේදී වොෂින්ටනය විසින් ද එවැනිම "තීරණාත්මකභාවයක්" ඉල්ලා සිටියේය.
ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කිරීමෙන් අනතුරුව එම සටන් විරාමය ඉරාන රජය විසින් පිළිගෙන ඇත.
ඒ අනුව අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇති බව දැක්වේ. එම සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට ට්‍රම්ප් විසින් ප්‍රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර ඇත.