වැස්ස අස්සේ හදිසි විදුලිය බිඳ වැටීම් ගැන දැනුම් දෙන්න නව ක්‍රම දෙකක් හඳුන්වා දෙයි.
Sri Lanka
Ceylon Electricity Board
Weather
By Wayomi
මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් හමුවේ සිදුවන විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් පැමිණිලි කරන්න විදුලි බල මණ්ඩලය විසින් ජංගම දුරකතන යෙදවුමක් සහ දුරකථන අංකයක් හඳුවන්වා දී තිබෙනවා.
ඒ, අනුව හදිසි විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් CEB Care ජංගම දුරකතන යෙදවුම හෝ 1987 ඇමතුම් මධ්‍යස්ථානයේ ස්වයං සේවා IVR පද්ධතිය ආදී ඩිජිටල් මාධ්‍යයන් භාවිත කරමින් විදුලිබල මණ්ඩලයට දැනුම් දිය හැකියි.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ විදුලිය බිඳ වැටීම් පිළිබඳ ඇමතුම් මධ්‍යස්ථාන වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ද එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත වැඩිදුරටත් සඳහන් කරන්නේ.
