රාජ්‍ය සේවයට යන්න ඉන්න අයට කනගාටුදායක ආරංචියක්..

Sri Lanka Vehicle Mahinda Rajapakshe Basil Rajapakshe Public service
By Aruna Dec 10, 2021 01:15 AM GMT
Aruna

Aruna

Report

විදේශ විනිමය ගැටළුවක් පැවතුනද රට තුළ ආහාර හිගයක් ඇතිවීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ පවසනවා.

පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ලබන වසර තුළ රාජ්‍ය අංශයට කිසිදු බඳවා ගැනීමක් සිදු නොකරන බවත් වාහන ආනයන සීමාවන්ද එලෙසම ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍යවරයා සදහන් කළා.

කොළඹදී අද පැවති කිරිගොවි සම්මේලන රැස්වීම අමතමින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මෙම අදහස් පළ කළා.

නොවැම්බර් මාසය වන විට මෙරට නිල සංචිත සහ වත්කම් ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,587ක් වන බවයි රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ.

ඒ අතරින් පවතින විදේශ විනිමය සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 1,009යි දශම 5ක් වන බවද රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now