සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක්

Anura Kumara Dissanayaka Presidential Secretariat of Sri Lanka Sri Lanka AKD
By Piyumika Oct 10, 2024 05:12 PM GMT
Piyumika

Piyumika

Report

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවුඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගන්නා ලෙස සියලු රජයේ ආයතනවලට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබාදී තිබේ.

රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසියෙන් දුරකථන අංකයක්..

රාජ්‍ය වාහන හෝ දේපළ අවභාවිතය පිළිබඳ දැනුම් දීම සඳහා පොලිසියෙන් දුරකථන අංකයක්..

රජයේ අරමුදල් ලබා ගනිමින් සිදු කරන කාර්යයන් සංවිධානය කිරීමේදී රජයේ ප්‍රතිපත්තියට හා දැක්මට අනුකූල වන පරිදි කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතනවලට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ඉහළ පෙළේ සිද්ධීන් ගණනාවක විමර්ශනවල ප්‍රමුඛයකු අපරාධ විශ්ලේෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කරයි ...

ඉහළ පෙළේ සිද්ධීන් ගණනාවක විමර්ශනවල ප්‍රමුඛයකු අපරාධ විශ්ලේෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස පත් කරයි ...

සියලු අමාත්‍යාංශ ලේකම්වරු, සියලුම පළාත් ප්‍රධාන ලේකම්වරු, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රජයේ සංස්ථා මණ්ඩල ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් සහ රජය සතු සමාගම් ප්‍රධානීන් වෙත ලිඛිතව ජනාධිපති ලේකම්වරයා විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත.

සියලුම රාජ්‍ය ආයතනවලට දැනුම්දීමක් | Notice To All Government Institutions