වගා හානි වන්දි මුදල් ගැන දැනුම්දීමක්..

Report

2024 යල කන්නයට අදාළව ගංවතුර, නියඟ සහ වල් අලි උවඳුරු මඟින් සිදු වූ වගා හානිවලට අදාළව සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා තිබේ.

කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

අද තනතුරට පත් වූ නව යුද හමුදාපතිවරයා හා නව නාවික හමුදාපතිවරයා ..

අද තනතුරට පත් වූ නව යුද හමුදාපතිවරයා හා නව නාවික හමුදාපතිවරයා ..

මෙහිදී 2024 මාර්තු මස සිට ඔක්තෝම්බර් කාලය දක්වාම යල කන්නයට අදාළව විවිධ හේතූන් මත, වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් විනාශ වීමට ලක් විය.

විශේෂයෙන්ම නියඟ, ගංවතුර ආදී තත්ත්වයන් සහ වල් අලි හානි විශේෂ විය. ජනවාරි 05 වන විටදී සියලුම දිස්ත්‍රික්කවලට වගා හානි ගෙවීමට කටයුතු යොදා ඇති අතර, මේ වන විට 80% කට ආසන්න ගොවීන් ප්‍රමාණයකට රුපියල් මිලියන 80කට ආසන්න මුදලක් ගෙවීමට හැකියාව ලැබී ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

අම්මපා මෙහෙමත් හේතුවකටනේ දෙයියනේ මගුලක් නවත්තලා තියෙන්නේ..

අම්මපා මෙහෙමත් හේතුවකටනේ දෙයියනේ මගුලක් නවත්තලා තියෙන්නේ..

ඉතිරි ගොවීන් සියලුදෙනාටම ජනවාරි 05 දින වන විටදී අදාළ වන්දි මුදලින් ගෙවීමට කටයුතු කර ඇත.

මෙහිදී එම වන්දි මුදල ඍජුවම ගොවියාගේ බැංකු ගිණුමට බැර කිරීමට කටයුතු යොදා ඇති අතර, මෙහිදී වන්දි මුදල් ඉතාම ප්‍රවේසම් සහිතව හා විනිවිඳව ගෙවීමට කටයුතු සලසා ඇති බව ද සඳහන් වේ.

2024/ 2025 මහ කන්නයට අදාළ වන්දි මුදල් පෙබරවාරි මාසයේ මුල වන විට ගෙවීමට කටයුතු යොදා ඇති බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.  

You may like this video