මේ අයව ගුරු සේවයට බඳවාගැනීම සම්බන්ධයෙන් රජයෙන් විශේෂ නිවේදනයක්

Report

පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

එසේම අඳාළ නිවේදනය අමාත්‍යාංශ ලේකම් නාලක කලුවැව අත්සනින් නිතුක් කර තිබෙන බව ද සඳහන්.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ 2023 මාර්තු මස 25 වන දින පාසල්වල සේවය කරන සංවර්ධන නිලධාරීන් ඇතුළුව රජයේ සේවයේ නියුතු උපාධිධාරී නිලධාරීන් ගුරු සේවයට ඇතුළත් කිරීම පිළිබඳව පැවැත්වීමට නියමිත ව තිබු තරග විභාගයට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ නඩු කටයුතු කිහිපයක් මේ වන විට අවසන්ව ඇති බවයි.

එසේ වුවද අභියාචනාධිකරණයේ විභාග වන නඩු කටයුත්ත මේ වන විටත් අවසන් ව නොමැත.

එබැවින් එම නඩුවේ ද තීන්දුව ලබා දීමෙන් අනතුරුව ඉහත විභාගය පිළිබඳව ඉදිරි කටයුතු සිදුකෙරෙනු ඇතැයි අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ගැන නිවේදනයක්

විද්‍යාපීඨවලට සිසුන් බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ගැන නිවේදනයක්

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට

ලංකාවේ රන් මිල වාර්තාගත ලෙස ඉහළට