නවතම චක්‍රලේඛයක් ගැන අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..

Ministry of Education A D Susil Premajayantha Sri Lankan Schools School Incident
By Sewvandhi Mar 17, 2024 08:57 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ, පාසල් නිවාසාන්තර ක්‍රීඩා උළෙල අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව සංවිධානය කරන ලෙස විදුහල්පතිවරුන්ට චක්‍රලේඛයක් මගීන් දැනුම්දෙන බවයි.

උෂ්ණාධික කාලගුණ තත්ත්වය නොසළකමින් පාසල් රැසක් නිවාසාන්තර ක්‍රීඩා උළෙල සංවිධානය කර ඇති බව නිරීක්ෂණය වී ඇති බවයි, අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

පළමු පාසල්වාරය අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ද ක්‍රියාත්මක වන බැවින් එම කාලයේ දී ක්‍රීඩා තරග පැවැත්වීමේ හැකියාව පවතින බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා කියා සිටියේය.‍