හදිසි නීතිය පිළිබඳ විපක්ෂ නායකවරයා සිදුකළ භයානක හෙලිදරව්ව (VIDEO)
හදිසිනීතිය වෙනුවට රටට අත්‍යාවශ්‍ය මොනවාද? - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් විශේෂ ප්‍රකාශයක්. මේ මොහොතේ රටට අවශ්‍යව තිබෙන්නේ හදිසි නීතිය නොවන බවත් අත්‍යාවශ්‍ය සහ හදිසි වන්නේ ජීවිත බේරා ගැනීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
බඩුමිල පාලනයට හදිසි නීතිය අවශ්‍ය නැති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවට 2003 අංක 9, දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත සහ එම අධිකාරිය ඒ වෙනුවෙන් තිබෙන බව පැවසීය.
එහෙත් ආණ්ඩුව ඒවා බලාත්මක නොකර ගජමිතුරන්ට සහන සලසන බවත් ජනතාවට අවශ්‍ය එවැනි පාලනයක් නොවනබවත් ඒ මහතා පැවසීය. විපක්ෂ නායක කාර්යාලයේ දී විශේෂ ප්‍රකාශයක් කරකරමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.
කොවිඩි වසංගතය ජාතික ආපදා තත්ත්වයක් වන අතර එවැනි අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට 2005, අංක 13 දරන ව්‍යසන කළමනාකරණ පනත අනුව බලතල හිමි බවත් එහෙත් ආපදා කළමනාකරණ ජාතික සභාව හෝ පත්කිරිමට ජනාධිපතිවරයා තවමත් කටයුතු කර නොමැති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
හදිසි නීති රෙගුලාසිවලට සමගි ජනබලවේගය තරයේ විරුද්ධ බවත්, එවැන්නක් ගෙනැවිත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට පහර එල්ල කිරීමට ආණ්ඩුව ගනු ලබන සියලු ක්‍රියාමාර්ග පරාජය කරන බවත් එතුමා පැවසීය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
