ජනපතිගෙන් මහ බැංකු නිලධාරීන්ට විශේෂ දැනුම්දීමක්.

Central Bank of Sri Lanka Anura Kumara Dissanayaka Government Of Sri Lanka
By Wayomi Dec 13, 2024 06:47 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ කාර්යක්ෂමතාව සහ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශයට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ඊයේ (12) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය. ස්වාධීන ආයතනයක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ තීරණාත්මක කාර්ය භාරය අවධාරණය කළ ජනාධිපති දිසානායක, රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීම සඳහා රජයේ පූර්ණ සහයෝගය සහ සම්පත් ලබාදෙන බවට සහතික විය.

දෙසැම්බර් 31න් අවසන්.ඊට කලින් මේ දේ කරන්න. - රු.40,000 ක් සමඟ උසස් පෙළ දක්වා සිසුන්ට ශිෂත්වයක්.

දෙසැම්බර් 31න් අවසන්.ඊට කලින් මේ දේ කරන්න. - රු.40,000 ක් සමඟ උසස් පෙළ දක්වා සිසුන්ට ශිෂත්වයක්.

එමෙන්ම කාර්යක්‍ෂමතාව සහ ප්‍රවේශ්‍යතාව සහතික කරමින් බැංකු සහ මූල්‍ය මෙහෙයුම් විධිමත් කිරීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කළේය. ආර්ථිකයේ සහ සමස්තයක් ලෙස මූල්‍ය පද්ධතියේ වර්ධනයන් අධ්‍යයනය කිරීමට සහ සමීපව විශ්ලේෂණය කිරීමට මහ බැංකුවේ කැපවීම පිළිබඳව ද මෙම හමුවේදී අවධානය යොමු වූ අතර මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සහ මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමු විය. මූල්‍ය ක්ෂේත්‍රය තුළ සාර්ව විචක්ෂණ ප්‍රතිපත්ති බලාත්මක කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කෙරිණි.

ආර්ථිකය ක්‍රමානුකූලව ස්ථාවර වීමත් සමඟ, වත්කම්වල ගුණාත්මක භාවය, විචක්ෂණශීලී අවදානම් කළමනාකරණය සහ ප්‍රාග්ධන ගොඩනැගීමේ සුරක්ෂිත වර්ධනයක් ඇති කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇත.

ඒ, අනුව මෙම පියවර ඉදිරි වසරවලදී මූල්‍ය පද්ධතියේ ශක්තිමත් කාර්ය සාධනය සහ තිරසාරත්වය සඳහා දායක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූර්යප්පෙරුම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ මහබැංකු අධිපති ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට ප්‍රධාන සහභාගී වූහ. ආචාර්ය නන්දලාල් වීරසිංහ, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මීට එක්විය.

හෙට රෑ7 සිට කොළඹ ප්‍රධාන මාර්ගයක් වැසෙයි. - විකල්ප මාර්ග ගැන පොලිසියෙන් රියැදුරන්ට දැනුම්දීමක්. - (නිවේදන සහිතයි)

හෙට රෑ7 සිට කොළඹ ප්‍රධාන මාර්ගයක් වැසෙයි. - විකල්ප මාර්ග ගැන පොලිසියෙන් රියැදුරන්ට දැනුම්දීමක්. - (නිවේදන සහිතයි)

ReeCha