හෙට රෑ7 සිට කොළඹ ප්‍රධාන මාර්ගයක් වැසෙයි. - විකල්ප මාර්ග ගැන පොලිසියෙන් රියැදුරන්ට දැනුම්දීමක්. - (නිවේදන සහිතයි)

Sri Lanka Police
By Wayomi Dec 13, 2024 05:09 AM GMT
Wayomi

Wayomi

Report

හෙට (14) රාත්‍රි 7 සිට මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය රියදුරන්ට දැනුම්දී තිබෙනවා.

ඒ,වත්තල පොලිස් වසමේ හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති පෙරහැර හෙට (14) රාත්‍රි 7 සිට අනිද්දා (15) අලුයම් කාලය දක්වා වීථී සංචාරය කිරීමට නියමිත බැවින් පොලීසිය රියදුරන්ට දැනුම්දෙන්නේ එම කාලය තුළ විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.

දෙසැම්බර් 31න් අවසන්.ඊට කලින් මේ දේ කරන්න. - රු.40,000 ක් සමඟ උසස් පෙළ දක්වා සිසුන්ට ශිෂත්වයක්.

දෙසැම්බර් 31න් අවසන්.ඊට කලින් මේ දේ කරන්න. - රු.40,000 ක් සමඟ උසස් පෙළ දක්වා සිසුන්ට ශිෂත්වයක්.

හැඳල පුරාණ රජමහා විහාරස්ථානයෙන් ආරම්භ කරනු ලබන පෙරහර හැඳල මාර්ගය ඔස්සේ හැඳල හන්දිය දක්වා ගමන් කර කොළඹ - මීගමුව මාර්ගය හරහා ගොස් පරණ මීගමුව මාර්ගය ඔස්සේ ගමන්කර නැවත කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයට පිවිස අල්විස් ටවුන්, හැඳල හන්දිය ඔස්සේ නැවත විහාරස්ථානයට පැමිණීමට නියමිතයි.

අද සහ හෙට අහසේ සිදු වන දුර්ලබ දසුනක් දකින්න ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව. - පැයකට 120ක් බලන්න පුළුවන්.

අද සහ හෙට අහසේ සිදු වන දුර්ලබ දසුනක් දකින්න ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව. - පැයකට 120ක් බලන්න පුළුවන්.

ඒ, අනුව රියදුරන්ගේ පහසුව සඳහා පොලීසිය විසින් නම් කළ විකල්ප මාර්ග පහතින්,


GalleryGallery
ReeCha