ජනාධිපතිවරණයේ වාර්තා ප්‍රසිද්ධ කරන දවසේම, පොලිසියට දැනුම් දෙනවා..කොමිසම කියයි..

Sri Lanka Police Election Commission of Sri Lanka Election Local government Election Latest Headlines
By Sewvandhi Oct 20, 2024 08:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මැතිවරණ කොමිසම පවසන්නේ, ජනාධිපතිවරණයේ ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් තිදෙනා සම්බන්ධයෙන් පොලිසියට දැනුම් දෙන බවයි.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, ඉන් පසු ඒ සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග පොලිසිය ගනු ඇති බවයි.

පසුගිය 13 වැනිදායින් ,ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා භාරදීම සඳහා මැතිවරණ කොමිසම ලබා දී තිබූ කාලය අවසන් වුණා.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් 38 දෙනාගෙන් අපේක්ෂකයින් 35 දෙනෙකු අදාළ වාර්තා ලබා දී තිබූ අතර ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි, ස්වාධීන අපේක්ෂක සරත් කීර්තිරත්න සහ දෙමළ පොදු අපේක්ෂක අරියනේත්තිරන් පාක්කියසෙල්වම් යන අපේක්ෂකයින් ආදායම් වියදම් වාර්තා භාර දී තිබුණේ නැහැ.

මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පැවසුවේ, මැතිවරණ පනතට අනුව එම වාර්තා ලබා දී දින 10කින් පසු ඒවා ප්‍රසිද්ධ කළ යුතු අතර අදාළ වාර්තා ප්‍රසිද්ධ කරන දිනයේදීම එම වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින් පිළිබඳව පොලිසියට දැනුම් දෙන බවයි.